‎සුවවිරු අඳෝනය

Authors
  • avatar
    Name
    Gayathri Nilukshika
    HS/2019/0380
    Subject
    දර්ශනය සාමාන්‍යයවේදී
    Year
    පළමු වසර

බලන්නට බැරිය අත
තැනින් තැන සුදු පාට පිටි ලාටුය
කරගැටද තැනින් තැනය
නියපොතු කහ වෙලාය
ඒත් මොනවා කරන්නද....

කට ළඟ හරි ගඳය
වෙනදාටත් වඩා බිබිලිය
හැම තැනම සළකුණුය
ඒත් මොනවා කරන්නද....
ඇහිබැම් දෙක මැද අමුතු සළකුණක්ය
වෙනදාට වඩා රිදෙනවා දැන් එතන
කන් පෙති දෙක ද දැන් පාතය
උපැස් යුවළ නිසා එය තවත් අමාරුය
ඒත් මොනවා කරන්නද....

හතරවටින් වැසිය
ඒත් ග්‍රීස්මය වගේමය
දරන්නට බැරිය රස්නය
තැම්බෙනවා මුලු ඇඟම
ඇවිදින්නටත් බැරිය, ඇඟ බරය
ඒත් මොනවා කරන්නද....

රට රකින්නත් අපි ජීවත් විය යුතුමය....