අංශාධිපතිතුමියගෙ පණිවිඩය

කොරෝනා වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයයා සමාන්‍යය අධ්‍යාපන රටාවෙන් බැහැරවී නව සාමාන්‍යයට අනුගත වෙමින් සිටින කාලයක, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ඉතිහාසයේ ප්‍රථම වතාවට දර්ශන අධ්‍යයන අංශය මඟින් ඉදිරිපත් කරනු ලබන මෙම E Magazine 2021 විද්‍යුත් සඟරාමය අත්දැකීම මඟින් ඔවුන්ගේ නිර්මාණ කෞෂ්‍යල්‍යයන් ලොවට ගෙනහැර පෑම සඳහා අනගි තෝතැන්නක් වනු ඇති බව මාගේ විශ්වාසයයි. මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා උර දුන් චමිලා සිරිවර්ධන මහත්මිය ඇතුලු දර්ශන අධ්‍යයන අංශයේ ආචාර්යභවතුන්ට මෙන්ම විද්‍යාර්ථයින්ටද සුභාශිංශන පිරිණැමීමට මම මෙය අවස්ථාවක් කරගනිමි.

ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය දිලක්ෂි ආර්. ද. සිල්වා
අංශ ප්‍රධාන
දර්ශන අධ්‍යයන අංශය
ප්‍රධාන සංස්කාරකතුමියගේ පණිවිඩය

නව සාමාන්‍යය තත්වය යටතේ සරසවි විද්‍යාර්තයාගේ නිර්මාණ හැකියාවන් ඉදිරිපත් කිරීමේ අධිඨනින් දියත් කරන්නට යෙදුන E Magazine සඟරාව කැලණිය විශ්ව විද්‍යාල ඉතිහාසයට එක් කිරීමට හැකි වීම ගෑන දර්ශන අධ්‍යයන අංශයේ ආචාර්‍ය මණ්ඩලයයේ සාමාජිකයෙකු ලෙස මා ලද මහඟු භාග්‍යයක් කොට සලකමි. ඒ සඳහා සහය දුන් දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති දිලක්ශි R. ද සිල්වා මහත්මිය ඇතුලු දර්ශන අධ්‍යයන අංශයේ ආචාර මණ්ඩලයේ සමාජිකයන්ටද මේ සඳහා සහයෝගය දුන් විද්‍යාර්තයන් කණ්ඩායමටද කෘතගුණ දැක්වීමට මෙය අවස්ථාවක් කරගමි.

ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චමිලා සිරිවර්ධන
ප්‍රධාන සංස්කාරක