‎හත් පෙති මල

Authors
  • avatar
    Name
    M.G.C.D.Moragammana
    HS/PC19/0021
    Subject
    සාමය සහ ගැටුම් නිරාකරණය
    Year
    පළමු වසර

දේදුන්නේ සොබා සිත්තමක් සේ
හමන අරුමැසි හීන්දෑරි සුළඟින්
සත්පැහැ සුවඳක පහසටවත්
විකසිත නොවෙ ද සැකයි
මේ නොනිමි හැඟුමන්...
සෙවණැලි ගලනා සුයාමයේ
උපහාසයත්,රශ්මියකි දවාලන
පෙනි පෙනී නොපෙනී යන
නලියන ආශා සිත් ගැඹුරේ සඟවා
නවමු ඇරඹුමකට කොයින් ද ඇරයුම්...
නොරිසි අහස්දිය සියොත්මගෙන් බසින සුයාමයේ
කුණාටුවක් තුළ සුසුම් අයැදින
හද ගැහෙන පැනයකි නිරුත්තර
ලද්දේ නම් “හත්පෙති මලක්“
පතමි එක් පැතුමක් වෙන්නට
තවත් එක් කුණාටු මාරුතයක්
සියල්ලක් ම නිවාලන සිසිල් අහස්දියක්
වී සිඹින්නට
ඉකිබිඳින ළතැවුල්
මුකුලිත කරනුව...