‎මුසල්මානුවෙකුට පෙම් කළෙමි....

Authors
  • avatar
    Name
    A. P. T. S. T. Wijenayaka
    HS/2017/1271
    Subject
    මනෝවිද්‍යාව විශේෂවේදී
    Year
    තෙවන වසර

පේරෙට පෙම් බැඳ,
කැලණියේ බින්න බැහපු මට....'

මේ කැලණි අහස යට
නුඹේ මුසල්මානු නෙත් යුග
හමුනොවන්නට,
මාගේ ප්‍රථම ප්‍රේමය
යථාර්ථයක් වන්නට ඉඩ තිබිණි.

මගේ හොඳම යහළුවා වූයේ නුඹය.
මා නුඹ ගැන සිතුවේ එලෙසටය
මිතුදමේ යදම් බිඳ දමා
ප්‍රේමය යැදියේ නුඹම නේද?
මගෙන් තොර ලොවක් නුඹට නැතැ’යි කීවේ,
නුඹම නේද?

යථාර්ථයත් මායාවත් අතර මංමුළාව
බුද්ධිය අභිබවා හදවත නැගී සිටි මොහොතක,
නුඹේ ප්‍රේමයේ ඇම ගිලගත් මා හට,
උරුම වූයේ,
වේදනාවෙන් ඔද්දල් වූ හදකි.

නුඹගේ පළමු සහ එකම ප්‍රේමය,
මා නොවෙද?

අවසන,

ජාති භේද ඉදිරියේ පැන දිවූ
නුඹගේ ප්‍රේමයේ නිරුවත හෙළිවිය.

වරද, මා සිංහලයකු වීමද?
නැතිනම්, ඔබගේ ප්‍රේමයේ මුලාවද?

‘මං ඔයාට ආදරෙයි. ඒත් මට ඔයාව බඳින්න බැහැ.’
එයද... නුඹගේ පිවිතුරු ප්‍රේමය?