‎ඔබේ ජීවන යාත්‍රාවේ නැවියා ඔබම වන්න ඔබේ ජීවන යාත්‍රාව පැදවීමට අන් අයට ඉඩ නොදෙන්න.

Authors
  • avatar
    Name
    M. P. M. S. අබේසිංහ
    HS/2016/0875
    Subject
    මනෝවිද්‍යාව විශේෂවේදී
    Year
    හතරවන වසර

ඔබ මා සියලු දෙනාට ම ජීවන ගමනේ දී විවිධ බාධකවලට මුහුණ දීමට සිදු වේග ඔබ මෙතෙක් මුහුණ දුන් ඇතැම් බාධාවලින් ඔබ සාර්ථක වන්නට ඇතත ඇතැම් බාධාවලින් අසාර්ථක වන්නට ඇතග ඔබ ඔබ කෙරෙහි විශ්වාසයකින් යුක්තව කටයුතු කරනවා නම් ජීවිතයේ හමුවන ඕනෑම බාධාවක් මැඩගෙන සාර්ථකත්වය කරා ළගා විය හැකියග ඔබ ඔබ කෙරෙහි අවිශ්වාසයකින් යුක්තව ජීවිතයට මුහුණ දෙනවා නම් ඔබ අසාර්ථක වනවා නොඅනුමානය.

අපට එදිනෙදා ජීවිතයේ හමුවන සියලු ම බාධාවලින් ජය ගැනීමට නම් අපි විසින් ම අපගේ ගැටළුවලට විසදුම් සොයා ගත යුතුයග අපි අපගේ ගැටළු වලට අනෙක් අය පිළිතුරු ලබා දෙන තෙක් බලා නොසිට අපිම පිළිතුරු සොයා ගත යුතුයග අපගේ ගැටළුවලට පිළිතුරු ඇත්තේ අප ළඟ මිස අන් අය ළඟ නොවේග .අරයා කරල දෙයිලමෙයා කරන දෙයි. යනුවෙන් සිතමින් නොසිට තමාගේ දියුණුවට අවශ්‍ය දේවල් කර ගැනීමට අප පුරුදු විය යුතුයග අන් අය අපගේ ප්‍රශ්න විසදා දෙන තෙක් බලා නොසිට ,ඔව්ල මට පුළුවන්, ලෙසින් තමා කෙරෙහි ආත්ම විශ්වාසය ගොඩනගා ගෙන අපට පැමිණෙන ඕනෑම බාධාවකට සාර්ථකව මුහුණ දීමට ශක්තිය අප තුළ ගොඩනගා ගත යුතු ය.

එහිදී අප සතුව පවතින ශක්තීන් මොනවාදරෑ දුර්වලතා මොනවාදරෑ අවස්ථා මොනවාදරෑ තර්ජන මොනවාදරෑ යන්න පිළිබඳ නිසි අවබෝධයක් තිබීම අවශ්‍ය යග තමන්ට නොමැති දේවල් පිළිබඳව දුක් නොවීල තමන්ට තියෙන දේවල් පිළිබඳව සිතා තමන් තමන්ට ගරු කිරීමට පුරුදු විය යුතුය.

එසේ ම අප යම් අරමුණක් වෙත ළගා වන විට ක්‍රම ක්‍රමයෙන් ඒ වෙත ගමන් කළ යුතුයග අපට එකවර විශාල අරමුණක් වෙත ළගා විය නොහැකියග ලොකු හීනවලට යන්න ලොකු කාලයක් ගත වේග එවිට ආත්ම විශ්වාසය හීන වේග එම නිසා ප්‍රධාන අරමුණ කුඩා කුඩා අරමුණුවලට බෙදා ගත යුතුයග කුඩා අරමුණු ජයගත් විට අප තුළ ඒ කෙරෙහි ආත්ම විශ්වාසයක් ඇති වේග එම විශ්වාසයෙන් ප්‍රධාන අරමුණ වෙත ඉතා ඉක්මනින් හා පහසුවෙන් ගමන් කළ හැකිය.

අප යමක් කරන විට සමාජයෙන් අපට බොහෝ විට ලැබෙනුයේ ඍණාත්මක ප්‍රතිචාරයන්යග .අයියෝ ඔයාට ඕක කරන්න බෑ.ල .ඕක ඔහොම නෙමෙයි කරන්නේ. ආදි ලෙසින් ඔබේ අඩුපාඩු කියමින්ල ඔබව විවේචනය කරමින්ල ඔබව අධෛර්‍යට පත් කරන පිරිස් බොහෝයග එවිට ඔබගේ ආත්ම විශ්වාසය හීන වනු ඇතග ඔබට ඔබේ ගමන යාමට අවශ්‍ය නම් ඔබව අධෛර්‍යමත් කරන පුද්ගලයින්ගෙන් වහාම ඉවත් විය යුතුයග ඔබව ධෛර්යමත් කරනල ඔබට ශක්තියක් වනල ඔබ තුළ ආත්ම විශ්වාසය ඇති කරන පුද්ගලයින් පමණක් ඇසුරු කළ යුතුයග අප අප කෙරෙහි ආත්ම විශ්වාසයකින් යුක්තව කටයුතු කරන්නේ නම් අපට අපගේ අරමුණු කරා ඉතා පහසුවෙන් හා ඉක්මනින් ළගා විය හැකි ය.