‎කොස් කොළ ඔටුන්න

Authors
  • avatar
    Name
    M. D. P. G. W. Abeykoon
    HS/PC19/0013
    Subject
    සාමය සහ ගැටුම් නිරාකරණය
    Year
    පලමු වසර

පාර පුරාවට කොස් කොළ වැටිලා
සර බර සද්දෙට පෑගෙනවාගග
ආසයි කොස් කොළ ඔටුනු හදන්නට
රජෙක් වගේ එය හිස පළඳන්නට

සුළැඟිල්ලේ එල්ලී දුව පනිනා
පොඩිත්තියෙකි මා සෙල්ලම් වයසේ
තාත්තා එක්කලා වැටිච්ච කොස් කොළ
එක දෙක අමුණනවා..

හදාපු කොස් කොළ ඔටුන්න අරගෙන
හිස පළඳා රජ වී මා ගෙදරට
ඔබත් එක්ක කල ඒ සෙල්ලම මට
අද යළි සිහි වෙනවා...

දිනකදි කොස් කොළ ඔටුන්න වෙනුවට
රනින් සැදූ රන් රශ්මිය විහිදන
ඇත්ත ඔටුන්නක් හිස පළඳාගෙන
ලොවටම රජ වෙන්නම්..
ඔබේ දුක් කඳුළු නැතිකර දමනා
සූර රජෙක් වෙන්නම්..

ඔබේ ආදරය මහා මෙරකි මට
ඔබෙ රැකවරණය වේ ශක්තිය මට
මා රජ වනුවස් සිහින දකින නුඹ
පියෙක් නොවේ පිය රජෙකි උතුම් ..
පියෙක් නොවේ පිය රජෙකි උතුම් ..