ඉඩෝරය

Authors
  • avatar
    Name
    Udayangani Upeksha
    HS/2016/1117
    Subject
    මනෝවිද්‍යාව විශේෂවේදී
    Year
    හතරවන වසර

හදවතේ වසන්තය නික්ම
ඉඩෝරය පැමිණියාට
නුඹට හැකි වූවාද එතකින් නවතාලන්නට
දළු ලා වැඩෙන ප්‍රේමය

චෝදනාවක් නැත නුඹට
කර්කශ පොළොව මත
හුස්ම ගෙන නැගිටින්න
හයියක් නොවුනාට

ඉදින් ප්‍රේමය අවසර
දළු ලා වැඩෙන්නට
යළිත් වසන්තයක
පෙර නිමිති දකින්නට