‎තමන්ගේ සතුට තමන් තුලින් සොයමු

Authors
  • avatar
    Name
    W. D. T. M. K. Piyarathna
    HS/2017/0854
    Subject
    මනෝවිද්‍යාව විශේෂවේදී
    Year
    තුන්වන වසර

"ඔබ ඔබට ගෞරව කරන්න. ඔබ ඔබට ආදරය කරන්න. මක් නිසා ද යත් ඔබ වැන්නේකු කිසිසේත්ම අතීතයේ ජීවත් වූයේ නැත. ඒ වගේ ම ඉදිරි අනාගතයේ දී ජීවත් වන්නේ නැත."

ඕෂෝ

වර්තමාන සමාජය දෙස බලන කල්හි කැපී පෙනෙන ලක්ෂණයක් නම් මිනිසුන්ගේ මානසික පීඩනයන් ආතතීන් ඉහළ යන බවයි. මෙයට හේතුවන එක් ප්‍රධාන සාධකයක් නම් අප සෑම දෙයක් ම අන් අය තුළින් අපේක්ෂා කිරීමයි. “මට ආදරය කරන්න කෙනෙක් නෑ.මන් තනි වෙලා.මං ජීවත් වෙලා වැඩක් නෑ.”ආදි ලෙස විවිධාකාරයෙන් දුක්වීම්,කඩා වැටීම් අප විසින්ම ගොඩනඟා ගනු ලබයි.අප නිතරම බාහිර සමාජය තුළින් සියල්ල අපේක්ෂා කරන්නේ මන්ද... තම ජීවිතය තුළින් තමන්ගේ වටිනාකම අප සොයාගත යුතුවේ.

බාහිර ලෝකය සමඟ ගැටෙන විට ඔබට අපට විවිධාකාර අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවන අතර විවිධාකාර මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමට සිදුවේ. එහිදී වේදනාත්මක අත්දැකීම්,බිද වැටීම්,සිත් රිදීම් වලට මුහුණ දීමට සිදුවේ. එවැනි අවස්තථාවන්හිදී “මම අවාසනාවන්ත පුද්ගලයෙක් ” ආදී ලෙස විවිධ සිතිවිලි තම මනස තුළ ඇතිවේ. මෙවන් අවස්ථාවන්හිදී අප සිතිය යුතු වන්නේ මෙවැනි සිදුවීම්, අත්දැකීම් ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙකුට විදීමට සිදුවන බවයි. මෙහිදී නිතරම අප මතක තබා ගතයුතු වන්නේ තමන් ගොඩක් වටින කෙනෙක් බවයි.

එමෙන් ම තමන් තමන්ට ආදරය නොකරන්නේ නම් තම හදවත පිළිබද විශ්වාසයක් නැත්නම් ඒ දේවල් කිසිම කෙනෙක්ගෙන් අපේක්ෂා කළ නොහැක. තමන් තම හදවතට ආමන්ත්‍රණය කළ යුතු වන්නේ “මාව වේදනාවට පත් කළ මිනිසුන්, මා මුහුණ දුන් දුක්බර අත්දැකීම් ආදිය ක්ෂණිකව අමතක කර දමා අනිවාර්යෙන්ම මගේ අරමුණු වෙනුවෙන් වැඩ කරනවා” ආදී ලෙසයි. තමන් තමන්ට ආදරය කරන්නේ නම් තම සිත තුලට ධනාත්මක දේ වලට පැමිණීමට ඉඩ තබා ඍණාත්මක දේවල් ඉවත් කළ යුතු ය.

"අපිරිසිදු කුණු තැවරුණු පා සටහන් සහිත කිසිදු පුද්ගලයෙකුට මාග් මනසට ඇතුල් වීමට මම කවදාවත් ඉඩ තියන්නේ නැ."

මහත්මා ගාන්ධි

එසේ ම අප කිසිවෙක්ට බාහිර සමාජයේ මිනිසුන්ගේ සිත් වෙනස් කළ නොහැකි අතර තමන් සියල්ලටම පෙර තමාට පළමු තැන ලබාදිය යුතු අතර තමා තමාට ආදරය කිරිමට ගත්විට ජීවිතය නොහිතන ලෙස සුන්දර වේවි. ජීවිතයේ වැදගත්ම දෙය මානසික නිදහස වන අතර එය විනාශ කිරීමට කිසිවෙක්ට ඉඩ නොදිය යුතු ය. මෙසේ තමන් තමන්ට පළමු තැන ලබා දී ජීවිතය සුන්දර කර ගන්න.